― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරුසියාවේ එරොෆ්ලොට් නැවත වැඩ අරඹයි

රුසියාවේ එරොෆ්ලොට් නැවත වැඩ අරඹයි

ලබන ඔක්තෝබර් මාසයේ සිට රුසියානු එයරොෆ්ලොට් ගුවන් සේවය මොස්කව් සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර් තා වෙයි.

පසුගිය ජුනි 2 වැනිදා කටුනායක ගුවන්තොටුපොළට පැමිණි එයරොෆ්ලොට් ගුවන් සමාගමට අයත් එයාර් බස් ඇ330 ගුවන් යානයක් රඳවා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ වාණිජ අධිකරණය නියෝග කිරීමෙන් පසු රුසියානු එයරොෆ්ලොට් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව වෙත ළඟා වන සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගත්තේය.

ශ්‍රී ලංකාව වෙත බාධාවකින් තොරව එයරොෆ්ලොට් ගුවන් යානා පියාසර කිරීම සම්බන්ධයෙන් විශ්වාසය බිඳ වැටීම නිසා රුසියාව ඉන්පසු ගුවන් ගමන් නවතා දැමුවේය.