විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතර කර තිබේ.
පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් නැවත දැනුම් දෙන තෙක් අදාළ කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
මේ වන විට පරිගණක පද්ධතියේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර එය යථා තත්වයට පත් කළ පසු නැවත දැනුම් දෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.