27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපනත් කෙටුම්පත් 3කට කථානායකවරයාගේ සහතිකය

පනත් කෙටුම්පත් 3කට කථානායකවරයාගේ සහතිකය

කාර් මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක් (130 හා 132) සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් 3 සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (16) සිය සහතිකය සටහන් කළේය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත් 2022 අංක 22 දරන කාර් මික ආරවුල් (සංශෝධන) පනත වශයෙන් 2022 අංක 23 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත වශයෙන් ද, 2022 අංක 24 දරන කාර්මික ආරවුල් (සංශෝධන) පනත වශයෙන්ද අද සිට බලාත්මක වේ.

මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වය විවාද කිරීමකින් තොරව පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.