මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර ලබාදීම ලබන 01 වැනිදා සිට ආරම්භ කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වා ඉතිරි වී පවතින යුරියා තොගය මෙලෙස ගොවීන්ට වෙත ලබාදීමට නියමිතය.
ඒ අනුව පළමු අදියරේදී හෙක්ටයාර එකක් සඳහා යුරියා පොහොර කිලෝග්‍රෑම් 20ක් ලබාදෙනු ලබන ඇතර කුරුණෑගල, අම්පාර, මඩකලපුව, වව්නියාව, මුලතිව්, යාපනය යන දිස්ත්‍රික්කවල ගොවීන්ට පොහොර ලබාදේ.