― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරූපලාවණ්‍ය නිෂ්පාදන ආනයන තහනම ඉවත් කරන්නැයි ඉල්ලීමක්

රූපලාවණ්‍ය නිෂ්පාදන ආනයන තහනම ඉවත් කරන්නැයි ඉල්ලීමක්

රූපලාවණ්‍ය නිෂ්පාදන ආනයනය සඳහා පනවා ඇති තාවකාලික තහනම ඉවත් කරන ලෙස රූපලාවණ්‍ය කර් මාන්ත සම්මේලනය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා රේගු දත්තවලට අනුව 2021 සහ 2022 (1 ජනවාරි 2021 – 31 ජූලි 2022) සඳහා රූපලාවන්‍ය නිෂ්පාදන ආනයනය කිරීමේ පිරිවැය මුළු ආනයන ගාස්තුවෙන් 0.1% නොඉක්මවිය.

රූපලාවණ්‍ය නිෂ්පාදන ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීම හේතුවෙන් මෙරටට විදේශ විනිමය උපයා ගත හැකි රූපලාවන්‍ය නිෂ්පාදන ආශ්‍රිත කර් මාන්ත රැසකටද දැඩි බලපෑමක් එල්ල වී ඇති බව රූපලාවණ්‍ය කර් මාන්ත සම්මේලනය පෙන්වා දෙයි.

මේ සමඟ එළඹෙන නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ලට ගෙන තාවකාලික තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස රූපලාවන්‍ය නිෂ්පාදන කර් මාන්ත සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කරයි.