24.5 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආනයනික සහල්වල බැර ලෝහ ඇත්දැයි පරීක්ෂා කෙරේ

ආනයනික සහල්වල බැර ලෝහ ඇත්දැයි පරීක්ෂා කෙරේ

මෙරටට ආනයනය කරන සහල් ඇතුළු ආහාර වර් ගවල බැර ලෝහ ඇත්දැයි පරීක්ෂා කිරීමට ‍සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මීට පෙර එම ආහාර ද්‍රව්‍යවල තෝරාගත් නියැදි පමණක් පරීක්ෂා කළ බව එහි පාරිසරික හා වෘත්තිය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන පැවසීය.

එම පරීක්ෂණවලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු වූ සහල් කන්ටේනර් 15ක් පසුගිය කාලයේ ප්‍රතිනැව්ගත කළ බව වෛද්‍යවරයා සඳහන් කළේය.