― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිශේෂඥ වෛද්‍යවරු 300ක් විශ්‍රාම යයි

විශේෂඥ වෛද්‍යවරු 300ක් විශ්‍රාම යයි

දෙසැම්බර් 31 වැනිදායින් පසුව විශේෂඥ වෛද්‍යවරුන් 300කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යාමට නියමිතව ඇති බවත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල අර් බුදයකට හේතුවක් වනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

රාජ්‍ය සේවයේ අනිවාර් ය විශ්‍රාම ගැන්වීමේ වයස අතුරු අයවැයෙන් අවුරුදු 60ක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඔවුන් මෙලෙස විශ්‍රාම යන අතර ඒ අනුව එය දිනක් තුළ විශේෂඥ වෛද්‍යවරුන් වැඩිම පිරිසක් විශ්‍රාම යන දිනය වනු ඇති බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 43ක්, මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 30ක්, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 17ක්, ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 15ක්, මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 9ක්, ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් සඳහා එක්වන පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් 08ක් විශ්‍රාම යාමට නියමිතය.

එවිට පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් 14 දෙනෙකු පමණක් ඉතිරි වන බවත් මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් සඳහා දින ලබාදෙන්නේ 2025 වසර සඳහා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.