― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඇමති සුසිල් ගේට්ස් පදනමෙන් සහය ඉල්ලයි

ඇමති සුසිල් ගේට්ස් පදනමෙන් සහය ඉල්ලයි

එක්සත් ජනපදයේ නිව්යෝක්හි නිල සංචාරයක නිරතවී සිටින අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ගේට්ස් පදනම සමඟ සාකච්ඡාවක නිරත වී තිබේ.

සංවර් ධනය වෙමින් පවතින රටවල අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ගේට්ස් පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන ගෝලීය සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ සිය විශේෂ ස්තූතිය පල කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාසල්වල අධ්‍යාපනික කටයුතු සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගැනීමට දායකවන ලෙස ගේට්ස් පදනමට ආරාධනා කර තිබෙනවා.

පළමු වසරේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ හඳුනාගත් රජයේ පාසල්වල තාක්ෂණික ධාරිතාවය ඉහළ නැංවීම සඳහා කළු ලෑලි වෙනුවට සුහුරු පුවරු ස්ථාපිත කිරීම සඳහා මෙලෙස ගේට්ස් පදනමේ සහයෝගය ඉල්ලා සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදයට තිරසර විසඳුම පවතින්නේ ද අධ්‍යාපනය මත බැවින්, අනිවාර්යයෙන්ම සිදු කළ යුතුව පවතින මෙම ආයෝජනය සඳහා පවත්නා ආර්ථික තත්ත්වය හමුවේ අරමුදල් ‍සපයාගැනීමේදී අපහසු තත්ත්වයක් මතුව ඇති බවද මෙහිදී ප්‍රකාශ වී ඇතැයි වාර්තා වනවා.

වර්තමානයේ රජයේ අධ්‍යාපන ක්ෂේත්‍රය පවත්වාගෙන යෑම සඳහා අත්‍යාවශ්‍යම වියදම් සඳහා පමණක් රාජ්‍ය අරමුදල් යොදවාගැනීම සිදු කරනු ලබන බවද මෙහිදී අමාත්‍යවරයා විසින් පැහැදිලි කර තිබෙනවා.

සුහුරු තාක්ෂණය භාවිතාවෙන් ජාතික හා ජාත්‍යන්තර අධ්‍යාපනික පද්ධතිවලට සම්බන්ධවීමට සිසු සිසුවියන් වෙත මෙමගින් ඉඩහසර විවෘත වීම ‍ගේට්ස් පදනමේ මූලික අරමුණු සපුරාගැනීමට ද දායක වන බව මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළා.