― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනාමල්ට එරෙහි නඩුවක් කල් යයි

නාමල්ට එරෙහි නඩුවක් කල් යයි

පාර් ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ක්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල අද (21) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සැකකාර නාමල් රාජපක්ෂද අධිකරණයේ පෙනී සිටියේය. අද අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර් තමේන්තුව සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවයි. ඒ අනුව මෙම නඩුව 2023 වර් ෂයේ පෙබරවාරි 01 වැනිදා නැවත කැඳවීමටද අධිකරණය නියම කළේය.

රග්බි ක්‍රීඩාවේ ප්‍රවර් ධනයට යැයි සඳහන් කරමින් ක්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට පසුගිය යහපාලන රජය සමයේ නාමල් රාජපක්ෂ ට එරෙහිව මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.