― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදුම්රිය සේවකයින් 7,000කගේ හිඟයක්

දුම්රිය සේවකයින් 7,000කගේ හිඟයක්

දුම්රිය දෙපාර් තමේන්තුවේ සේවකයින් 7,000 කගේ පමණ හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් එම දෙපාර් තමේන්තුවේ මෙහෙයුම් කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බවත් දුම්රිය දෙපාර් තමේන්තුව පවසයි.

සේවකයින් 21,000ක් පමණ සිටිය යුතු දුම්රිය දෙපාර් තමේන්තුවේ දැනට සිටින්නේ සේවකයින් 14,000ක් පමණක් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනවිරත්න සඳහන් කරයි.

දෙසැම්බර් මාසය වනවිට සේවක හිඟයට පිළියමක් නොයෙදුව හොත් ජනවාරි මාසයේ සිට දුම්රිය මෙහෙයුම් කටයුතු දැඩි බලපෑමකට ලක්වනු ඇති බවට දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අනතුරු අඟවයි.

එමෙන්ම මෙම දෙසැම්බර් මාසයේදී දුම්රිය දෙපාර් තමේන්තුවේ 250කට වැඩි සේවක පිරිසක් විශ්‍රාම යාමට නියමිතය.