27.5 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF සාකච්ඡා සඳහා මෙරට නියෝජිතයින් ඇමරිකාවට

IMF සාකච්ඡා සඳහා මෙරට නියෝජිතයින් ඇමරිකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ඇමරිකාව බලා පිටත්ව යෑමට නියමිතය.

ඒ අනුව මහ බැංකු අධිපතිවරයා ඇතුළු රජයේ නියෝජිත පිරිස ඔක්තෝබර් 06 වැනිදා ඇමරිකාවේ වොෂිංටන් නුවර බලා පිටත්ව යන අතර එදිදී ඉදිරි සාකච්ඡා සිදු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර් ථික අර් බුදයෙන් ගොඩෑඉමට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක දීර් ඝ ණය පහසුකමක් සඳහා මේ වනවිටත් එකඟතාවයකට පැමිණ තිබේ. වසර 04ක් තුළ වාරික අටකින් මෙම මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය.

මෙම හමුවේදී විදේශ ණය ගෙවීමට අදාළ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ගිවිසුම් සහ ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතව ඇත.