27.2 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF ගිවිසුම ගැන අමාත්‍ය මණ්ඩලයට දැනුවත් කරලා නෑ - ජනපති

IMF ගිවිසුම ගැන අමාත්‍ය මණ්ඩලයට දැනුවත් කරලා නෑ – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර් ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සම්බන්ධයෙන් මෙතෙක් කැබිනට් මණ්ඩලය දැනුවත් කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කථානායකවරයාට දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර් ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නිලධාරීන් අතර එකඟතාවකට පැමිණියද එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබිය යුතු බව ජනාධිපතිවරයා පවසයි.

ඊට පෙර අනෙකුත් ණය දෙන්නන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ප්‍රකාශ ඇතුළත් කළ යුතු බවත් එතෙක් එය කිසිවකු විසින් තීරණය නොකරන බවත් කථානායකවරයා විසින් අද (22) මැතිසබයට දැනුම් දුන්නේය.