27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළමුන් අතර සුලබව පැතිරෙන චර් ම රෝගයක්

ළමුන් අතර සුලබව පැතිරෙන චර් ම රෝගයක්

ළමුන් අතර නැවතත් අත් පා මුඛ රෝගය පැතිරෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

උණත් සමඟ හෝ උණ නොමැතිව දරුවන්ට කට වටේ රතු ළප එසේත් නොමැති නම් සුදු වතුර පිරුණු බිබිලි, අත්වල රතු ළප එසේත් නොමැති නම් සුදු වතුර පිරුණු බිබිලි, කකුල්වල රතු ළප එසේත් නොමැති නම් සුදු වතුර පිරුණු බිබිලි, වැලමිටේ රතු ළප එසේත් නොමැති නම් සුදු වතුර පිරුණු බිබිලි, තට්ටම් ප්‍රදේශයේ රතු ළප එසේත් නොමැති නම් සුදු වතුර පිරුණු බිබිලි යන රෝග ලක්ෂණ තිබේ නම් වැඩිහිටියන් ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේය.

මෙම රෝගය ළඳරු වයසේ සිට අවුරුදු 6,7 දක්වා දරුවන් අතරේ පැතිරෙන බැවින් මෙවැනි රෝග ලක්ෂණ තිබේ නම් පිටතට නොයවා දින කිහිපයක් දරුවා නිවසේ තබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ වැඩිහිටියන්ගෙන් ඉල්ලයි.