23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති 26 වැනිදා ජපානයට

ජනපති 26 වැනිදා ජපානයට

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 26 වැනිදා ජපානය බලා පිටත්ව යාමට නියමිතය.

ජපාන සංචාරයේදී ජනාධිපතිවරයා ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සහ ජපාන රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවීමට නියමිතය.

ජපාන සංචාරයෙන් අනතුරුව පිලිපීනය බලා යාමට නියමිත ජනාධිපතිවරයා එහිදී පිලිපීන ජනාධිපති බොන්ග්බොන්ග් මාකෝස් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරයා සිය පිලිපීන සංචාරයේදී සැප්තැම්බර් 29 වැනි දින පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගි වීමට නියමිතය.

2006 සිට 2007 දක්වාත් නැවත 2012 සිට 2020 දක්වාත් අබේ මහතා ජපානයේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ අතර ඔහු වැඩිම කලක් ජපානයේ අග්‍රාමාත්‍යධුරය හෙබවූ පුද්ගලයාද වෙයි. 67 හැවැරිදි වියේ පසුවූ අග්‍රාමාත්‍යවරයා වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.