සාමාන්‍ය පෙළ සමත් සිසුන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ලබා ගැනීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.
මෙම ශිෂ්‍යත්වය සඳහා අධ්‍යයන කලාපයකින් සුදුසුකම් ලබන සිසුන් 30 දෙනෙකු තෝරා ගැනේ. ඒ අනුව දිවයින පුරා අධ්‍යාපන කලාප 99ක් යටතේ තේරී පත්වන සිසුන් 2970කට මෙම ශිෂ්‍යත්වය පිරිනැමේ.
ශිෂ්‍යත්වය සඳහා තෝරාගත් සිසුන්ට මසකට රුපියල් 5,000 බැගින් ඔවුන් උසස් පෙළ සමත් වන තුරු පිරිනමනු ලැබේ.