29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරේගුවෙන් මහජනතාවට දැනුම්දීමක්

රේගුවෙන් මහජනතාවට දැනුම්දීමක්

විදෙස්ගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට භාණ්ඩ එවීමේදී ඒ සඳහා ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචිවී ඇති ආයතන සමඟ පමණක් කටයුතු කරන ලෙස රේගුව මහ ජනතාවට දැනුම් දෙනු ලබයි.

එලෙස ලියාපදිංචි වී නොමැති ආයතන හරහා භාණ්ඩ එවීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රේගුව ජනතාවගෙන් ඉල්ලයි.

භාණ්ඩ, ගමන් මළු සහ තෑගි වශයෙන් එවනු ලබන භාණ්ඩ මෙරටට එවීමේදී අස්ථානගතවීම සහ ඒවාට හානි සිදුවීම පිළිබඳ ලැබී ඇති පැමිණිලි සැළකිල්ලට ගනිමින් රේගුව මෙම දැනුම්දීම සිදුකර තිබේ.