ලිහිසි තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ප්‍රමිතියෙන් බාල ලිහිසි තෙල් ආනයනය කර ඇති බවත් මෙම තොගය නිෂ්පාදනය සඳහා භාවිත කළ නොහැකි බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කළ චෝදනාවලට පිළිතුරු ලබාදෙමින්.