― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews29 වැනිදා පාර් ලිමේන්තුවේදී ජාතික සභාව රැස්වෙයි

29 වැනිදා පාර් ලිමේන්තුවේදී ජාතික සභාව රැස්වෙයි

ජාතික සභාවේ සමාරම්භක රැස්වීම ලබන 29 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 10.30ට පාර් ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව පාර් ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පවසයි.

ජාතික සභාව සඳහා සාමාජිකයින් පසුගියදා පත් කෙරුණු අතර ඊට මන්ත්‍රීවරුන් 35 දෙනෙක් ඇතුළත්ය.

කෙසේ වෙතත් සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම පාර් ශවය නියෝජනය කරමින් කිසිදු මන්ත්‍රීවරයෙකු ඊට නම් කර නොතිබීම විශේෂත්වයකි.