30 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට තෙල් මිල අඩු නොකිරීමට හේතුව මෙන්න

මෙරට තෙල් මිල අඩු නොකිරීමට හේතුව මෙන්න

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට සාපේක්‍ෂව තෙල් මිල පහළ දැමිය යුතු ප්‍රමාණය සකසා ඛනිජ තෙල් අමාත්‍යාංශය වෙත යොමු කළත් එය ඉහළින් අනුමත නොකිරීම නිසා මෙරට ඉන්ධන මිල පහළ දැමීමට නොහැකි වී ඇතැයි තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

සති දෙකකට වරක් ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉකුත් මාස කිහිපයේ දී මෙය වාර්තා වු බවත් ඉන්ධන ආනයනය කිරීමේ ක්‍රමවේදය සහ අදාළ ප්‍රීමියම් ගාස්තු, ප්‍රමාද ගාස්තු රක්‍ෂණ ගාස්තු ආදිය එකතුවූ පසු සිදුවන අතිවිශාල පාඩුව නිසා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ යෑමේ වාසිය මෙරට ජනතාවට ලබාදීමට නොහැකිවී ඇතැයිද ඔහු පැවසීය.

2022 ජුනි මස ඉන්ධන මිල ගණන් ඉහළ දමමින් හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රයට අනුව දැනට වෙළෙඳ පොළේ අලෙවි කරන පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධන ලීටරයක මිල රුපියල් 100කින් පමණ පහළ දැමීමට හැකියාව තිබෙන බවයි ඔහු පැවසුවේ.