32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරට රැකියා දෙන මුවාවෙන් මුදල් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට

රට රැකියා දෙන මුවාවෙන් මුදල් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යංශයේ විශේෂ විමර් ශන ඒකකයේ නිලධාරීන් විසින් ජපානයේ හා දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් රැස්කරන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරට ලද තොරතුරක් මත සිදුකළ විමර් ශනයකදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධිව මෙම මුදල් රැස්කිරීම සිදුකර තිබේ. අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර රුපියල් ලක්ෂ ‍2ක ශරීර ඇප මත මුදා හැර තිබේ.

නඩුව ඔක්තෝම්බර් 28 වැණිදා යළි කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.