― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඇමති කංචන මට නඩු දානකන් තමයි මාත් මේ බලන් ඉන්නේ - ජනක...

ඇමති කංචන මට නඩු දානකන් තමයි මාත් මේ බලන් ඉන්නේ – ජනක රත්නායක

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ (27) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයට එරෙහිව නීතිමය ක්‍රියාමාර් ග ගැනීමට සූදානම් බවයි.

එම රූපවාහිනී සංවාදයේදී ජනක රත්නායක හෙළි කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රමිතියෙන් තොර බොරතෙල් ගෙන්වා ඇති බවත් එම බොරතෙල් භාවිත කළ නොහැකි බවත්ය.

ජනක රත්නායකගේ චෝදනාව සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර් ග ගන්නා බව අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය. ඊට ප්‍රතිචාර දක්වමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක කියා සිටියේ තම මතයට එරෙහිව අමාත්‍යවරයා හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වගකිවයුතු නිලධාරීන් අධිකරණයට යන තෙක් තමන් බලා සිටින බවත් එහිදී තවත් කරුණු රැසක් හෙළිවන බවත්ය.

අමාත්‍යවරයා කළ යුත්තේ තමන් හෙළිකළ සත්‍යය සොයා බලා එහි වරදක් ඇත්නම් එය නිවැරදි කිරීමට පියවර ගැනීම බවද හෙතෙම පැවසීය.