ආනයනික ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මෙම බද්ද පසුගිය 23 වැනිදා සිට ඉදිරි මාස 3ක කාලය සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම ළුෑණු ආනයනය කිරීමේදී අය කරනු ලබන රුපියල් 40ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝග්‍රෑමයට රුපියල් 10ක් අය කර ඉතිරිය ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි වාණිජ පරමාර්ථයෙන් තොරව ඖෂධ නිෂ්පාදනය කරන ආයතනයක් සඳහා අත්හැරිය යුතු බවද මුදල් අමාත්යාාංශය නිවේදනය කරයි.