― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅම්බලන්තොට හෙරොයින් තිප්පොලක් වටලයි

අම්බලන්තොට හෙරොයින් තිප්පොලක් වටලයි

ඊයේ (06) රාත්‍රී කාලයේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර් ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකින් අම්බලන්තොට පාලම අසළදී හෙරොයින් ග්‍රෑම් 40ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 19ක් වන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත කැස්බෑව පොලිස් වසමේ සිද්ධමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කර හෙරොයින් කිලෝ 06 ග්‍රෑම් 176 ක්, මිලිමීටර් 09 වර් ගයේ පිස්තෝල පතොරම් 19ක්, සීල් යන්ත්‍රයක්, හෙරොයින් පැකට් කිරීමට යොදා ගන්නා උපකරණ හා ද්‍රව්‍ය, ව්‍යාජ වාහන අංක තහඩු දෙකක්, වෙනත් ලිපි ලේඛණ සහ වාහනයක ස්විච් යතුරක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර් ශන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කැස්බෑව පොලිසිය වැඩිදුර විමර් ශන සිදුකරනු ලබයි. හෙරොයින් ග්‍රෑම් 40 සමඟ අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර (07) අද දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. තංගල්ල කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර් ශන අංශය, අම්බලන්තොට හා කැස්බෑව පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර් ශන සිදුකරනු ලබයි.