මෙරට ජනතාව පරිභෝජනයට ගන්නා ආහාර වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමීක්ෂණයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එහි ආහාර පාලන ඒකකය සඳහන් කළේ, මේ යටතේ ආනයනික හා දේශීයව නිෂ්පාදනය කරන ආහාර වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයාබලන බවයි.
අත්‍යවශ්‍ය ආහාර වර්ග 25කට අධික සංඛ්‍යාවක් මෙම සමීක්ෂණය සඳහා තෝරාගෙන ඇති අතර පසුගිය කාලයේ මෙරටට ආනයනය කරන ආහාර වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු පිළිබඳ සලකා බලා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණයට එළැඹ තිබේ.