― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට ලක්ෂ 96ක් දැඩි අවදානමක

මෙරට ලක්ෂ 96ක් දැඩි අවදානමක

මෙරට දැඩි ආර්ථික අවපාතය හේතුවෙන් සෑම පුරවැසියෙකුටම දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

සිදුකළ අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ, මෙරට පුද්ගලයින් ලක්ෂ 96ක් මේ වන විට දරිද්‍රතාවයෙන් පෙළෙන බවයි.

පසුගියදා මහාචාර්ය වසන්ත අතුකෝරාළ මේ බව අනාවරණයක් සිදු කරමින් පැවසුවේ, 2019 ලක්ෂ 30කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් දූගීබවෙන් පෙළුණ බවත් කෙසේ වුවත් ඒ ප්‍රමාණය අද වෙනවිට ලක්ෂ 96 දක්වා වැඩි වී තිබෙන බවත්ය.

ඔහු වැඩි දුරටත් පැවසුවේ ලාංකික සමාජයේ ජීවත් වන ජනතාවගේ සියයට 42ක් පමණ මේ වනවිට දරිද්‍රතාවයෙන් පෙළෙන බව අනාවරණය වී ඇති බවයි. මෑතකදී ලෝක බැංකුව විසින් අධ්‍යයනයක් මගින් සඳහන් කර ඇත්තේ ලංකාවේ දරිද්‍රතාවය 26%ක් වුවත් එය ඊට වැඩිය විශාල ප්‍රමාණයක් සත්‍ය වශයෙන් ඇති බවයි.