31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභයගේ රාජ්‍ය සමයේ ගත් තීන්දු ගැන විගණනයක්

ගෝඨාභයගේ රාජ්‍ය සමයේ ගත් තීන්දු ගැන විගණනයක්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ නිසා ජනාතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක විභාගයට අවසර දෙමින් කළ නියෝගය මත විශේෂ විගණනයක් ආරම්භ කළ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත පදනම්ව අදාළ විමර්ශනය ක්‍රියාත්මක කර ඇති අතර නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා කණ්ඩායමක් අනියුක්ත කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මහා භාණ්ඩාගාරයෙන් මීට අදාළ තොරතුරු ලබා ගනු ඇත.