31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsධන කුවේරයන් අල්ලේ නැටවූ තිළිණිගේ තවත් සුපිරි ගැහිලි රැසක් එළියට

ධන කුවේරයන් අල්ලේ නැටවූ තිළිණිගේ තවත් සුපිරි ගැහිලි රැසක් එළියට

මහා පරිමාන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සතු බැංකු ගිණුම් 03ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

අදාළ බැංකු ගිණුම්වල රුපියල් ලක්ෂයකට වඩා අඩු ශේෂයක් පමණක් පැවති බව එම පරීක්ෂා කිරීම්වල දී අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

තිළිණි ප්‍රියමාලි විසින් වංචා කර ඇති බව පැවසෙන රුපියල් කෝටි 250කට ආසන්න මුදල සොයා තව දුරටත් විමර්ශන සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සැකකාර තිළිණි ප්‍රියමාලි රට තුළ තෙල් අර්බුධය පැවති සමයේ ශ්‍රි ලංකාවට තෙල් ගෙන්වන නියෝජිතවරිය වශයෙන් පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් කෝටි ගණනින් වංචා කර ඇති බව ද තොරතුරු අනාවරණය වී තිබෙනවා .

මෙරටට තෙල් ගෙන්වීමේ නියෝජිතවරිය වශයෙන් රජය තමන් පත්කර ඇති බවයි එහිදී ව්‍යාපාරිකයන් රවටමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ.

තෙල් ගෙන්වීම සදහා තමන්ට ඩොලර් ලබාදෙන ලෙසත්, එම ඩොලර්වලින් මෙරටට තෙල් ගෙන්වීමෙන් පසු ඒවා අලෙවි කර වැඩි ලාභයක් ලබා දිය හැකි බවටත් සැකකාරිය අදාළ ව්‍යාපාරිකයින්ට පවසා ඇති බව සඳහන්.