28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමධ්‍යපාන බීමේ ජොලියට නැටූ ගුරුවරියන් ගැන පරීක්ෂණ නවතී

මධ්‍යපාන බීමේ ජොලියට නැටූ ගුරුවරියන් ගැන පරීක්ෂණ නවතී

මීගමුව ප්‍රදේශයේ පාසලක පැවති ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක් සම්බන්ධයෙන් පසුගියදා බොහෝ දෙනෙක් අතර කතාබහක් මතුව ආවා.

ඒ, එම විදුහලේ ගුරුවරියන් දෙදෙනෙක් ‘මේ මධ්‍යපාන බීමේ ජොලිය ගෑනු නොදන්නේ’ ගීතයට පාසල් ළමුන් සමඟ එක්ව නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල සැරිසැරීමත් සමඟයි.

කෙසේ වෙතත් අදාළ ගුරුවරියන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කළ අතර මේ වනවිට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එමඟින් දන්වා ඇත්තේ මෙම සිදුවීම පාසල තුළ ළමා දිනය වෙනුවෙන් ගුරු සිසු සහභාගීත්වයෙන් සිදු වූ සාමූහික ක්‍රියාකාරකමක් බව පෙනීයන බැවින් මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නොවන බවයි.