31.7 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට

තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි අද (13) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

තිළිණි ප්‍රියමාලි නැමති මෙම සැකකාරිය වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රක්ෂණ භාරයේ සිටියදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිළධාරිනියන් විසින් සැකකාරිය සන්තකයේ තිබි ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගත්තේය.

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ බන්ධනාගාර නීති රීතිවලට යටත්ව නීති විරෝධී තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් සැකකාරිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා මත කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.