31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතිළිණි ප්‍රියමාලිගේ කාර්ය මණ්ඩලයත් CIDයට

තිළිණි ප්‍රියමාලිගේ කාර්ය මණ්ඩලයත් CIDයට

මේ වනවිට රක්ෂිත බන්ධාගාර ගතව පසුවන තිළිණි ප්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ආයතනයේ කාර්ය මණ්ඩලය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව එම ආයතනයේ මාධ්‍ය අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන ජනප්‍රිය නිවේදිකාවක් වන සුරංගි කොඩිතුවක්කු සහ ධනංජය නානායක්කාර අද (13) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.

එහිදී මධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ සභාපතිතුමියගේ උපදෙස් පරිදි දිගටම ආයතනයේ කටයුතු සිදුකරන බවයි.

මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා බොහොමයක් නිවැරදි තොරතුරු මත සිදුවන ඒවා නොවන බවත් ඔවුන් කියා සිටිනවා.

මෙම මූල්‍ය ගනුදෙනු සිදුකළ පුද්ගලයින් කවුරුන් ද යන්න තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවත් ඔවුන් එහිදී පවසා සිටියා.

ඊයේ (12) දිනයේ දී තම ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාවට ලක් කළ බවත් එයට කාර්යමණ්ඩලයේ ද සහාය ලබාදුන් බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ.