― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශෙහාන් සේමසිංහ හා ලෝක බැංකු නිලධාරියා අතර හමුවක්

ශෙහාන් සේමසිංහ හා ලෝක බැංකු නිලධාරියා අතර හමුවක්

2022 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් අතරතුර, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් සහ ලෝක බැංකු නියෝජිත පිරිසක් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ස්ථාවර කිරීම සඳහා ඇති විකල්ප පිළිබඳ මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡා කෙරනු බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබාගැනීමේ ඇති හැකියාව විමසා බැලීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී මූලික අවධානය යොමුව තිබෙනවා.

වත්මන් මූල්‍ය අර්බුධය හමුවේ ණය ආපසු ගෙවීමට ඇති හැකියාව පහළයාම හේතුවෙන්, ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD) මඟින් ණය පහසුකම් ලබාගැනීමට ලංකාව තවදුරටත් හිමිකම් නොලබන බවත්, ඒ හේතුවෙන් සහනදායී ණය පහසුකම් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) හි සහාය අපේක්ෂා කළයුතු බවත් මෙහිදී අවදාරණය කෙරුණා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව අතරමැදි සහනදායි ණය වැඩසටහන ක්‍රමවේදය අනුගමනය කිරීම මඟින්, ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) යටතේ ලබාදෙන සහනදායී ණය පහසුකම ලබාගැනීමට සුදුසුකම් ලබන රටක තත්ත්වයට පත්වනු ඇති.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතිනු ඇති බවයි මෙහිදී පෙන්වා දී ඇත්තේ.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයින් පෙන්වා දුන්නේ, මෙම නව සහනදායී අරමුදල් වෙත ප්‍රවේශවීමේදී ශ්‍රී ලංකා රජය විසින් නව ප්‍රතිසංස්කරණ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා මෙන්ම විස්තීරණ ණය පහසුකම් සඳහා අදාල ක්‍රමවේදයන්ද ක්‍රියාත්මක කළ යුතු බවයි.

මෙලෙස ශ්‍රී ලංකා රජය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලබන, ප්‍රගතිශීලී හා තිරසාර ආර්ථික හා සමාජීය ක්‍රමවේදයන් පදනම් කොටගෙන අනාගතයේදී ශ්‍රී ලංකාවට නැවතත් ඉහළ ණය ශ්‍රේණිගත කිරීම් මට්ටමක් අත්කරගැනීමට රුකුලක් විය හැකි බව ද, උප සභාපති සහ ලෝක බැංකු නියෝජිත පිරිස වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.