― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළඳ ආවොත් වැඩ වරදියි

ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළඳ ආවොත් වැඩ වරදියි

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුදගලයන් පැළඳ එන රන් භාණ්ඩ සීමා කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ජාවාරම් කිරීමේ අරමුණෙන් විදේශ රටවල සිට ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ මෙරටට පැමිණෙන පුද්ගලයින් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

මේ වනවිට ඒ සම්බන්ධ ජාවාරම්කරුවන් හඳුනාගැනීම සිදු කර ඇති අතර කඩිනමින් ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් ඔවුන් නිසා රටට මසකට අහිමිවන අමරිකානු ඩොලර් ප්‍රමාණය මිලියන 30 ඉක්මවන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.