31.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිසරපට තුළ සඟවා පියාට අයිස් ගෙනා දියණිය අත්අඩංගුවට

තිසරපට තුළ සඟවා පියාට අයිස් ගෙනා දියණිය අත්අඩංගුවට

තමාගේ තිසර පටය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ආ 29 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.

බන්ධනාගාරයේ සිට පානදුර අධිකරණයට රැගෙන ආ රැඳවියකුට ලබාදීම සඳහා ඇය මෙලෙස අයිස් මත්ද්‍රව්‍ය සගවාගෙන පැමිණ ඇති බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. මෙම සැකකාරියගේ පියා බන්ධනාගාර ගතකර සිටින අතර ඔහු අද දිනයේ අධිකරණයට රැගෙන ඒමට නියමිතව සිට ඇත.

එහිදී අදාළ සැකකාරිය පරීක්ෂා කිරීමේදී තිසරපට තුළ සගවාගෙන ආ ගිනි පෙට්ටියක් තුළ කුඩා පොලිතින් කවරවල අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.