26.1 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොත්තු මිල පහළට

කොත්තු මිල පහළට

අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තුවක මිල රුපියල් 50 කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

වෙළෙඳපොළේ ආනයනික තිරිඟු පිටි මිල අඩු වීමත් සමග මෙම තීරණය ගත් බව එම සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළේය.

ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 දක්වා අඩු වුවද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්. කේ. ජයවර්ධන සඳහන් කළේ බේකරි නිෂ්පාදන සඳහා තිරිඟු පිටි සපයන ප්‍රධාන සමාගම් ‍දෙක මෙතෙක් සිය මිල ගණන් අඩු කර නොමැති බවයි.