― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalඉන්දියාවට දුන් දේපොළ නැවත පවරා ගන්නවා

ඉන්දියාවට දුන් දේපොළ නැවත පවරා ගන්නවා

පසුගිය ආණ්ඩුව විසින් ඉන්දියාවට දී තිබෙන දේපොළ නැවත ශ්‍රී ලංකාව සතු කර ගැනීම සඳහා මාස 16ක් පුරා ඉන්දියාව සමඟ කළ සාකච්ඡාවල අවසන් අදියරට එළඹ ඇති බව බලශක්ති ඇමැති, නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (30) ප්‍රකාශ කළේය.

ඉදිරි මාසයක් ඇතුළත ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස මේ සාකච්ඡා නිම කිරීමට බලාපොරොත්තු වන බව ද තෙල් සංස්ථාව යටතේ පාලිත සමාගමක් ලෙස පිහිටුවනු ලැබූ ට්‍රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් හරහා තෙල්

ටැංකි සංකීර්ණය අපේ රටේ ප්‍රයෝජනය සඳහා සංවර්ධනය කර පාලනය කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැති උදය ගම්මන්පිල මහතා මෙසේ ද කීය.

“දැනට ඉන්දියාවට දී ඇති තෙල් ටැංකි 99කින් යුත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය යළි ශ්‍රී ලංකාවේ පාලනයට ගැනීම සඳහා මාස 16ක් පුරා ඉන්දියාව සමඟ පැවති සාකච්ඡා අවසන් භාගයට පැමිණ තිබෙනවා.

එම සංකීරණය කළමනාකරණය කිරීම සඳහා තෙල් සංස්ථාව යටතේ පාලිත සමාගමක් ලෙස ට්‍රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් සමාගමක් අපි පිහිටුවනු ලැබුවා. එම සමාගම හරහා තමයි මේ තෙල් ටැංකි සංකීර්ණය අපේ රටේ ප්‍රයෝජනය සඳහා සංවර්ධනය කර පාලනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉදිරි මාසයක් ඇතුළත ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස මේ සාකච්ඡා නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවට අහිත කර කිසිම දේකට මම එකඟ වෙන්නෙත් අත්සන් තබන්න ඉඩ තබන්නේත් නෑ. අපි මේ උත්සාහ කරන්නේ පසුගිය ආණ්ඩුව විසින් ඉන්දියාවට දී තිබෙන දේපොළ නැවත ශ්‍රී ලංකාව සතු කර ගැනීමටයි. මාස 16ක් පුරා සාකච්ඡා කරලත් එය අවසන් කිරීමට නොහැකි වී තිබෙන්නේ ඉන්දියාවට දෙන එක ලේසි වුවත් ආපසු ගන්න එක අමාරු නිසයි.”

ක්‍රිසන්ති විතාරණ