― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අඩු පොලී ණයක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අඩු පොලී ණයක්

මෙරට ජනතාව පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර කටයුතු සඳහා සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ට 11% – 12% අතර පොළී අනුපාතිකයක් යටතේ ණය ලබා දීමේ නව වැඩපිළිවෙලක් රජය ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඇතුළු බැංකු අටක් වෙත රුපියල් මිලියන 4900ක මුදලක් බෙදා හැර ඇති බවයි.

එමෙන්ම කෘෂිකාර්මික, සංචාරක සහ අපනයන ප්‍රමුඛ ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යාපාරිකයින් සඳහා රුපියල් මිලියන 100 දක්වා වූ ණය මුදලක් ලබාගැනීමේ හැකියාව පවතී.

2022 ඔක්තෝබර් මාසයේ 05 දා ඉදලා කාරක ප්‍රාග්ධනය වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන කාරක ප්‍රාග්ධනය සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, අමෙරිකානු ඩොලර් මිලියන 13.5ක මුදල පවතින ආර්ථික අර්බුදයෙන් දැඩි බලපෑමට ලක්ව සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නැවත නගා සිටීම සඳහා මුදල් අමාත්‍යංශය ආසියානු සංවර්ධන බැංකුව සමග එකඟතාවෙන් යුතුව ක්‍රියාත්මක කිරීමටයි බලාපොරොත්තු වන්නේ.”