26.7 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබදු ගෙවීම මත පදනම් වූ විශ්‍රාම වැටුප් ක්‍රමයක්

බදු ගෙවීම මත පදනම් වූ විශ්‍රාම වැටුප් ක්‍රමයක්

බදු ගෙවීම මත පදනම් වූ නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් සඳහන් කළේ සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීමට නියමිත බවයි.

ඒ, අනුව ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් සහ නිෂ්පාදකයින් වෙනුවෙන් මෙම නව විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීමට පියවර ගන්න බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

නියමිත ලෙස බදු ගෙවීම් සිදුකරන්නේ නම් වෘත්තීය අවදානම මත පදනම්ව එම ක්‍රමවේදය හඳුන්වාදීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.