නොටන්බ්‍රිජ් ජල විදුලි බලාගාරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමා තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය සඳහන් කළේ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම්ද පිටාර මට්ටමට ඉතා ආසන්න වී ඇති බවයි.
එම ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමග විමලසුරෙන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් පවසයි.