― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsT20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ තරග අද සිට

T20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ තරග අද සිට

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තරග අද (22) ආරම්භ වනවා.

සුපිරි 12 වටය අරඹමින් අද තරග බිමට පිවිසෙන්නේ පසු ගියවර ශූරතාව දිනාගත් සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ අනුශූරයින් වූ නවසීලන්ත කණ්ඩායමයි.

ඔවුන් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී තරග වැදීමට නියමිත අතර, සුපිරි 12 වටයේ දෙවැනි තරගය ද අද එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පර්ත් නුවර පැවැත්වීමට නියමිතයි.

2022 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරග 30ක් පැවැත්වීමටයි සංවිධායකයින් කටයුතු කර ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකාව සහභාගීවන සුපිරි 12 වටයේ පළමු තරගය හෙට (23) අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබෙනවා.