― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදත් දොස්තරගේ සුඛෝපභෝගී රිය දොරවල් කඩාගෙන බැංකුව ඇතුළටම එයි

දත් දොස්තරගේ සුඛෝපභෝගී රිය දොරවල් කඩාගෙන බැංකුව ඇතුළටම එයි

කහවත්ත නගරයේ පෞද්ගලික බැංකුවක් වෙත සුඛෝපභෝගී මෝටර් රථයක් කඩාවැදීමෙන් අද (22) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර, බැංකුවට සහ මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථය බැංකුව අසල මාර්ගයේ නතර කිරීමට යාමේදී රථය රියදුරගේ පාලනයෙන් ගිලිහී වේගයෙන් ධාවනයව මෙම අනතුර සිදුව තිබෙනවා.

දන්ත වෛද්‍යවරයෙකුට අයත් මෝටර් රථයක මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.