ඉරානයේ දකුණු පළාතේ ෆාර්සි හි ජීවත් වූ ලොව අපිරිසිදු ම මිනිසා ලෙස සැලකෙන 94 වියේ පසු වූ ඉරාන ජාතික අමූහාජි මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
සබන් සහ ජලය මොහු වසර 50කට වැඩි කාලයක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මොහු දශක ගණනකට පසු පළමු වරට ඇඟ සෝදා ඇත්තේ පසුගිය මාසයේ රෝගාතුර වු අවස්ථාවේදියි.
ඔහු සබන් සහ ජලය ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇත්තේ තමන් ලෙඩ රෝගවලට ගොදුරු වේය යන බියෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ