― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට HIV ආසාදිතයින් දෙගුණ වෙයි

මෙරට HIV ආසාදිතයින් දෙගුණ වෙයි

මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා ගත වූ මාස 9ක කාලය තුළ HIV අසාදිතයන් 342 දෙනකු වාර්තා වී තිබෙන අතර මේ පිරිසේ විශ්වවිද්‍යාල සිසුන් 50ක් සිටින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය ඊයේ (25) පැවසීය.

එමෙන්ම පාසල් දරුවන් 4ක්, චීවරධාරීන් දෙදෙනකු ඒ අතර සිටින බවද කී ඇය වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණියන් අතර HIV වයිරස ආසාදිතයන්ගේ වාර්තා වීම පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවද කීවාය. වර්ෂ 1987 දී මෙරටින් පළමු HIV ආසාදිතයා වාර්තා වූ අතර මේ දක්වා වාර්තා වූ ආසාදිතයන් අතරින් චීවරධාරීන් 20ක් පමණ සිටින්නේ යැයිද, අන්‍ය ආගමික පූජකවරුන්ද මේ අතර සිටින්නේ යැයිද ඇය පැවසුවාය.

1987 වසරේ සිට මේ දක්වා ආසාදිතයන් 4,404ක් වාර්තා වී ඇති අතර ඉන් 1,000ක් පමණ මරණයට පත්ව ඇති බවත් 2,300ක පමණ පිරිසක් ප්‍රතිකාර ගැනීමට යොමුව සිටිය ද ඇස්තමේන්තුවලට අනුව ආසාදිතයන් 3,700ක් පමණ ප්‍රතිකාර ලබා ගත යුතු බවත් ඇය පැවසුවාය.

ආසාදිතයන් 1,500ක පමණ පිරිසක් HIV ආසාදිතයන් බව නොදැන සමාජය තුළ සිටින බවත් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන පුද්ගලයන් බොහෝ පිරිසකට ඔවුන්ගෙන් වයිරසය ආසාදිත විය හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් පුද්ගලයන්ට HIV ආසාදනය වන්නේ යැයි ද, දරුවන් සමඟ ලිංගික කාරණා විවෘතව කතා කිරීමෙන් මෙවැනි ආසාදනයන් වළක්වා ගත හැකි බවත් ඇය පැවසුවාය. තරුණ දරුවන් සම්බන්ධයෙන් වැඩි වශයෙන් සොයා බැලීමට මවුපිය වැඩිහිටියන් කටයුතු කළ යුතු යැයිද ඇය පැවසුවාය.