― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාල කැලේ යකා නැටූ අය ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

යාල කැලේ යකා නැටූ අය ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

යාල වනෝද්‍යානයේ ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධියට අදාළ නිලධාරීන්ගේ විමර්ශන කටයුතු සඳහා වනජිවී අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් පැවසුවේ වනෝද්‍යාන ආශ්‍රිතව කටයුතු කළ නිලධාරින් රාජකාරිමය වගකීම පැහැර හැරීම හා ඉහළ නිලධාරින් දැනුවත් කිරීමට පියවර නොගැනීම ආදි කරුණු විමර්ශනය කිරීම මෙම ත්‍රිපුද්ගල කමිටුව විසින් සිදුකරනු ලබන බවයි.

මෙම සිදුවීමේදී වගකීම් පැහැර හැරි හා සිද්ධියට ඍජුව හෝ වක්‍රව දායකත්වය සපයා දී ඇති වනජිවි නිලධාරින් 07දෙනෙකුගේ සේවය විමර්ශන අවසන් වනතෙක් තාවකාලිකව අත්හිටුවා තිබේ.