― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයාපනයේ වයස 17 ළමයෙකුට සිදු වූ ඛේදවාචකය

යාපනයේ වයස 17 ළමයෙකුට සිදු වූ ඛේදවාචකය

යාපනය ප්‍රදේශයේදී තියුණු ආයුධ රැගෙන පැමිණි සන්නද්ධ කල්ලියක් විසින් කඩු ප්‍රහාරයක් එල්ල කොට වයස අවුරුදු 17 ක පමණ වන පිරිමි දරුවෙකුට බරපතල තුවාල සිදු කොට ඇති බව යාපනය පොලීසිය පවසනවා.

ඒ අනුව අදාල කඩු ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු ළමයා ප්‍රතිකාර සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම ප්‍රහාරයෙන් තුවල ලබා ඇත්තේ යාපනය උරුම්පිරායි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මුරුගදාස් මනෝජ් නැමති තරුණයෙකි.

ඒ අනුව අදාල ප්‍රහාරයට ලක්වු දරුවා අධ්‍යාපන කටයුතු අතහැර වෙළදසැලක සේවය කොට ඇති අතර පසුව ඔහු අදාල වෙළදසැලේ සිට ආපසු යමින් සිටියදී යතුරු පැදි තුනකින් පැමිණි හය දෙනකුගෙන් යුතු කණ්ඩායමක් විසින් ඔහුට කඩු ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පෙලීසිය පරීක්ෂණ පවත්වනු ලබයි.