අධික වටිනාකමකින් යුත් කල් ඉකුත් වූ ඖෂධ, ඔසුසැල් තුළ පවතින බවත් එවැනි ඖෂධ ලේබල් වෙනස් කර වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන පැවසීය.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
එමෙන්ම අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හිඟ ඖෂධ කඩිනමි ගෙන්වා ගන්නා ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදුන් බවයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කලමනාකරණය කර ගැනීම සඳහා, ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවයි.