27.8 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරි දෙසතියේදී කංසා වගාවට අවසර ලැබෙන ලකුණු

ඉදිරි දෙසතියේදී කංසා වගාවට අවසර ලැබෙන ලකුණු

ඖෂධීය කංසා වගා කිරීමට නීතිමය අවසරය ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවකට ඉදිරි සති දෙක ඇතුළත අනුමැතිය ලැබෙනු ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දුමක් ලෙසින් කංසා භාවිත කිරීමට ආයුර්වේදයේ කිසිදු අවසරයක් නොමැති බව හා ඖෂධීය කංසා පමණක් වගාකිරීම නීත්‍යනුකූල කිරීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම විනෝදාස්වාදය සඳහා හෝ වෙනත් නිෂ්පාදන සඳහා කංසා යොදා ගැනීමට අවසර නොමැති බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.