― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලොකු පැටීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ලොකු පැටීගේ ගෝලයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට විදෙස්ගතව සිටින ‘ලොකු පැටීගේ’ ගෝලයෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 12 වැනිදා අහුංගල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සඳහා ආධාර අනුබල දී ඇත්තේද සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී බවටයි වාර්තා වන්නේ.

විශේෂ කාර්ය බලකායට ලද බුද්ධි තොරතුරකට අනුව අහුංගල්ල පොලිස් වසමේ තුඩුව පන්සල අසළදී මෙම වැටලීම සිදු කර ඇති අතර අත් අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි අහුංගල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය විමර්ශන සිදු කරනු ලබයි.