27.2 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව අඩුම ආරක්ෂාවක් ඇති රට බවට ඇෆ්ගනිස්ථානය පත් වෙයි

ලොව අඩුම ආරක්ෂාවක් ඇති රට බවට ඇෆ්ගනිස්ථානය පත් වෙයි

ලොව අඩුම ආරක්ෂාවක් සහිත රටවල් ලැයිස්තුවේ පළමු ස්ථානයට ඇෆ්ගනිස්ථානය පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Gallup’s Law and Order Index වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර තිබේ.

රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව මත පදනම්ව රටවල් 120ක් පාදක කර ගනිමින් සමීක්ෂණයක් සිදු කර ඇති අතර එම සමීක්ෂණයට අනුව මෙම වාර්තාව එළිදක්වා ඇත.

එම වාර්තවේ වැඩිදුරටත් දැක්වෙන්නේ තලෙයිබාන් පාලනය හමුවේ ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් බොහෝ සේ දක්නට ලැබෙන බැවින් එම රට අඩුම ආරක්ෂාවක් ඇති රටක් ලෙස සලකන බවයි.

සමීක්ෂණ වාර්තාවේ ලකුණු 96ක් ලබා ගනිමින් සිංගප්පූරුව වඩාත් ආරක්‍ෂිත රටක් ලෙස නම් කර තිබේ.