26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙල්බර්න් නුවරදී දුෂ්මන්ත චමීරට ශල්‍යකර්මයක්

මෙල්බර්න් නුවරදී දුෂ්මන්ත චමීරට ශල්‍යකර්මයක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශල්‍යකර්මයකට මුහුණදීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

දුෂ්මන්ත හෙට දිනයේ මෙල්බර්න් නුවර දී මෙම ශල්‍යකර්මයකට මුහුණදීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ UAE කණ්ඩායමට එරෙහි මූලික වටයේ පසුගිය (18) වනදා පැවති තරගයේ දී චමීර පාදයේ අබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර තරගාවලිය අවාසනාවන්ත ලෙස ඔහුට අහිමි වී ගියා.

ඔහුගේ පාදයේ වළලුකර ආශ්‍රිතව මෙම ආබාධය ඇතිවී ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කළේ.

මීට පෙර නිමා වූ ආසියානු කුසලානය ද ඔහුට අහිමිව ගියේ ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.