29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුරියා පොහොර ගොඩබෑම ඇරඹෙයි

යුරියා පොහොර ගොඩබෑම ඇරඹෙයි

මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 13,000 රැගත් පළමු නෞකාවේ පොහොර ගොඩබෑම අද (28) ආරම්භ කර තිබේ.

මහ කන්නයේ වී වගාවට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික්ටොන් 13,000ක් රැගත් පළමු නෞකාව පෙරේදා (26) රාත්‍රියේදී කොළඹ වරායට පැමිණ තිබේ.

එම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ලෝක වෙළෙඳපොළේ යුරියා පොහොර මිල ඉහළ ගියද මෙවරත් පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලට ලබා දෙන බවයි.

පසුගිය යල කන්නයේ දී ලබා දුන් යුරියා පොහොර මිටිවල නියමිත බර නැතැයි කියමින් සමහරු දොස් නැගූ බව කී අමාත්‍යවරයා මෙවර මාධ්‍ය ඉදිරියේම බර කිරා බැලූ බවත් අහඹු ලෙස පරීක්ෂා කළ හැම පොහොර මිටියකම කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර තිබූ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.